අද ඔබට හඳුන්වා දෙන මෘදුකාංගය තමයි pen drive එකෙන් පරිගණකය ලොක් කරන්න පුළුවන් මෘදුකාංගය.. මේක භාවිතා කරලා ඔබට පුළුවන් ඔබේ පරිගණකය ආරක්ෂා කර ගන්න.. මේක ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි.. මෙම සොෆ්ට්වෙයා එක මඟින් ඔබේ pen drive එක තුල කුඩා හඳුනාගැනීමේ ගොනුවක් සදනු ලබනවා.. යම් හෙයකින් ඔබ පරිගණකයෙන් ඔබේ pen drive එක ඉවත් කල විගස මේ මගින් එ බව දැනගෙන ඔබේ පරිගණකය ලොක් කරනවා.. නැවත pen drive ඒක ඇතුලත් කිරීම හෝ බ යොදා ඇති රහස් වචනය යෙදීමෙන් ඔබට නැවත පරිගණකයේ වැඩ කල හැකියි.. අනික මෙම මෘදුකාංගයේ වැසි කිහිපයක් තියනවා.. එක පරිගණකයක් සඳහා pen drive කිහිපයක් සකසා ගැනීම.. නැත්නම් පරිගණක කිහිපයක් සඳහා එක pen drive එකක් සකසා ගැනීම.. නැත්නම් මෙමරි කාඩ් එකක් වුවත් භාවිතා කරන්න පුළුවන්.. අනික මෙම මෘදුකාංගය මගින් ඔබේ pen drive ඒකෙ තිබෙන හඳුනාගැනීමේ ගොනුව විටින් විට වෙනස් කරනවා.. කවුරු හෝ එය ඔබෙන් පිටපත් කලත් එය භාවිතා කරන්න බැහැ..
එහෙනම් බලමු කරන ක්‍රමය.. මෘදුකාංගයේ නම predator
මෙතනින් ලබා ගන්න පුළුවන්.. සම්පුර්ණයෙන් ම නොමිලේ..
උදව් අවශ්‍ය නම් මේ ලිපියෙන් ආරම්භක විස්තර ලබා ගන්න පුළුවන්
හරි... මුලින්ම මෙය ස්ථාපනය කරපු ගමන් ලැබෙනවා මේ වාගේ තිරයක්.. දැන් pen drive හෝ memory card එකක් සවි කරලා ok කරන්න..
හරි.. එතකොට ලැබේවි මේකේ settings තියන එක.. ඒකෙ තියනවා password යොදන තැන.. ඒකෙන් ඔයාට අවශ්‍ය රහස් වචනයක් දාන්න.. යට තියනවා කී එක හදා ගන්න.. ඒ බොත්තම ඔබලා කී එක හදා ගන්න.. එත එක්කම තියනවා options වල Disable Autorun කියන එක.. ඒක ඇක්ටිව් කරන්න.. තව එකක් තියනවා.. උඩ තියන advanced options වලට ගියහම තියනවා auto start with windows කියලා.. ඒකත් ඇක්ටිව් කරගෙන ok ඔබන්න.. දැන් ඉතින් හරි.. පරිගණකය ලඟින් නැගිටිනකොට කරන්න තියෙන්නේ පොඩි දෙයයි.. මතක ඇති ව පෙන් ඒක ගලවන් යන්න... හරි නේ.. දැන් ඉතින් කරලා බලන්න..
උදව් ඕනිනම් කොමෙන්ට් කරන්න....
No comments:
Post a Comment